Saturday, January 26, 2008




දුප්පත්කම ලගින්ම ෙපාෙහාසත්කම තිෙබන බව,
දුප්පත්කම පීඩාවක් බවත්, තමන්ෙග් ෙගාඩ වැඩිකරගන්නට උත්සාහ කරන විට තවෙෙකකුට කුස ගින්දර උහුලන්නට වන බවත් ෙම් ඉවාන්ලා ෙදෙනාෙග් කතාෙව් හරයයි. දුප්පත් ඉවාන් වැනි අවංක අසරණ මිනිසුන්ට ස්වභාධර්මයත් දයාව දක්වන බව ෙම් කතාව අපට කියා ෙදනවා. රැසියන් ළමා කතාවක් වන ෙම්ය ලස්සන වසීලිස්සා නම් ෙපාෙත් ඒන ඒක් කතාන්දරයක්.

ඉවාන් ලා දෙදෙනා

එකෝමත් එක රටක ඉවාන්ලා දෙදෙනෙක් හිටියා. වැඩිමල් ඉවාන් පොහොසත්.
බාල ඉවාන් දුප්පත්.
පොහොසත් ඉවාන්ගේ ගෙය බඩු මූට්ටු වලන් පිරිලලා.
ගෙදර හාල්,තිරිගු පිටි තියෙනවා. ඔහුට එළදෙන්නු, එළු, බැටළුවෝ බොහෝ ඉන්නවා.
උන් නිල්පාට තණකොල කාලා වතුර බීලා සැපට හැදෙනවා.
ගෙදර හැම තිස්සෙම හොද හොද කෑම ජාති හදනවා.
පෙ‍ාහොසත් ඉවාන්ට හැම දෙයක්ම තියෙනවා.
ගෙදර ඉන්නේ පොහොසත් ඉවනානුයි, එයාගේ බිරිදයි විතරයි.
මේ දෙදෙනාට ලමයින් ඇත්තෙම නෑ.
දුප්පත් ඉවාන්ට එළදෙනුන් බැටළුවන් නැහැ.
ඒ වුණාට දරු පැටව් 7 දෙනෙක් ඉන්නවා. හත් ෙදනාම බංකු උඩ වාඩි වෙලා කැද ඉල්ලනවා.
ගෙදර හාල් ඇටයක්වත් නැහැ. පිටි ටිකක්වත් නැහැ.
බැරිම තැන දුප්පත් ඉවාන් පෙහොසත් ඉවාන්ව හමු වන්නට ගියා ‘ ආයුබෝවන් අය්යේ.”
‘‘ ආයුබෝවන් දුප්පත් ඉවාන් ”ආවේ මොකට ද ?
‘ගෙදරට වෙලා ඉන්න බැරි ද ? ‘‘අය්යේ මට පිටි ටිකක් දෙන්න. මම පසුව ණය ගෙවන්නම්”
දුප්පත් ඉවාන් කිව්වා. ‘‘හොදයි මම නුඹට පිටි රාත්තලක් දෙන්නම්.
නුඹ මට පිටි හොන්ඩරයක් ගෙනත් දෙන්ට ඕනා” පොහොසත් ඉවාන් කීවා. ‘අනේ අය්යේ රාත්තලක් දීලා හොන්ඩරයක් ඉල්ලන එක හරි ද ? දුප්පතා ඇහැව්වා.
එහෙම බැරිනම් පලයන් යන්ට, වෙනින් ගෙදරකින් ඉල්ලා ගණින්”
කරන්ට දෙයක් නෑ දුප්පත් ඉවාන්ට ඇඩුණා. ඔහු පිටි රාත්තලක් අරගෙන මහ පාරට ආවා විතරයි බෙහෝම වේගයෙන් සුළං හැමුවා.
පිටි ටික සුළගට අහුවෙලා විසිරී ගියා.
පිටි ගෙන ගිය බදුන බිම වැටුණා. දුප්පත් ඉවාන්ට තරහා ආවා.
‘‘ ආ නුඹ මුරන්ඩු සුළග, නුඹ මගේ ළමයින්ව බඩගින්නේ තැබුවා. ඔවුන්ට හිරිහැර කළා. මුරණ්ඩු නුඹට මම යස පාඩමක් උගන්වනවා”
දුප්පත් ඉවාන් මෙහෙම කියලා සුළඟ හොයාගෙන ගියා. සුළඟ මහා පාර දිගේ යනකොට දුප්පත් ඉවාන් මහා පාර දිගේ යනවා. සුළග කැලෑවට යන විට ඔහුත් කැලෑවට යනවා. සුළග ලොකු ඕක් ගහක බෙනයට රිංගා ගත්තා. ඉවාන් දුවලා ගිහිල්ලා ඒ බෙනයට රිංගුවා.........